හමුවී වෙන්වී (සුසුමක ඉම ටෙලි නාට්‍ය තේමා ගීතය)hamuwii wenwii (susumaka ima teli naatya theemaa giithaya)

Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song)

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

හමුවී වෙන්වී ගෙවෙනා 
අපෙ ඇසුරේ කෙළවර සොයලා 
සැනසුම උකසට හරවා 
මගේ හදවත මහන්සි වෙනවා 

රන්හුයෙන් නුපුරුදු 
එක් නොවේ නම් අපි මතු 
ලොවට සමුදී එරෙහි වූ
එකම මොහොතේ පිටවෙමු 

හමුවී වෙන්වී ගෙවෙනා....
ඔබ හින්දා 

පුරාණයේ නිරන්තරේ 
ඔබට හිරිහැර දිදී 
මම ඔබේ ඇස් වලින් 
දුක දොවන්නට ඇතී 

පඩිසන් දී කරපු පව් 
අපි වෙන්වී ගිය දුරක් 
අදහන්නටත් බැරි තරම් 
සත්තයි මගේ රත්තරන් 

හමුවී වෙන්වී ගෙවෙනා....
ඔබ හින්දා 

තුලා සඳේ රිදී ඉරේ 
රැගෙන රශ්මිය මැකී 
ලොවම අඳුරේ ගිලී 
ආවේ අවසානේදී 

හැම හමුවීමක් යටින් 
මහා නොලබීමක් අරන් 
කාලය ඉන්නවා බලන් 
සත්තයි මගේ රත්තරන් 

හමුවී වෙන්වී ගෙවෙනා....
රන්හුයෙන් නුපුරුදු....

හමුවී වෙන්වී ගෙවෙනා....
ඔබ හින්දා