ගී පද
ලෝකයේ වටිනා යම් කෙනෙක් වේ නම්
ආදරේ කරනා ඒ ඔබයි අදටත්
හමුවී පෙර සේ ලබනා භවයේ
ජීවිතේ අරඹමු වෙන් නොවී ආයේ
දිලිසෙන සෑම දේම රත්තරන් නොවේ කියා
දන්න හින්දා සක්සුදක් ලෙසින් ඔයා
සතුටින් ඉන්න මාගේ ආයුෂත් සිතින් දරා
ජාති ජාති සෑමදා හිනාවෙලා
කඳුලක් කඳුලක් ගානේ
අදටත් මට සිහිවන්නේ
ඔබමයි සංසාරේ හිඳිනා තුරා
සුරපුරයක් වේවා මේ ජීවිතේ
මම නැතුවත් පෙර සේ නෙත් මායිමේ
දිලිසෙන සෑමදේම....
දවසක් ඇවිදින් ආයේ
තුරුලේ දැවටී මාගේ
ඔබ හිටියොත් දුරුවෙයි සංවේදනා
තනියක් නොදැනේවා මා රන් කඳේ
ඔබ ඉගිලී තනනා නව කූඩුවේ
දිලිසෙන සෑමදේම....
ලෝකයේ වටිනා....
දිලිසෙන සෑමදේම....