හමනා සුලඟේhamanaa sulangee

Hamana Sulange

සංගීතය:
නිශාන් කුමාරසිංහnishaan kumaarasinha
පද රචනය:
අසංක වික්‍රමසිරිasanka wikramasiri

ගී පද

හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේ
රෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේ
වනයේ වන මල් අතරින් මට දැනුනේ
(ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා.....//)

(උමතු වී වැලි කතරේ දිය බිදක් සොයමි මා
සීත නිම්නෙක තනිවී උණුහුමක් සොයමි මා....//)
අහිමි සෙනෙහස අරුමය මා කොතරම් සෙව්වත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ.. මිරිඟු මහ සාගරේ....

(හඩන හිනැහෙන හදවතින් ඔබ මට දැනුනත්
හැම කදුලක හැම සිනාවක නුඹ රැදුනත්....//)
අරුත නොපෙනෙන මිරිඟු සාගරේ කිමිදුනත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ.. මිරිඟු මහ සාගරේ 

හමනා සුලඟේ....