හමන සුළඟත් ඇතිhamana sulangath aethi

Hamana Sulagath Athi

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
රේරූreeruu

ගී පද

හමන සුළඟත් ඇති හිතට හීලෑ නැති 
එකම වරදේ බැඳි මට දුන්නු දුක ඇති
වේදනා හිතේ තියා යළිත් නුඹ හැදෙයි කියා
නිදහසක් නොවේ එදා සමාවක් දුන්නේ මා
(මේ ජීවිතේ සැනසීමත් ඔබයි 
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි.......//)

දවසකට ආදරේ සොයන මේ ලෝකයේ 
පින් නැත්තේ ඔබටමයි මගේ ආදරේ
නිහඬ මේ යටි හිතේ රිදුම් නැතුවා නොවේ
තනිවුණු මමයි හිතයි ඒ බව දනී
සමුගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා......
(මේ ජීවිතේ සැනසීමත් ඔබයි 
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි.......//)

අදත් නැති ආදරේ හෙටත් කොහේදෝ හදේ
නුඹත් පැරදී හිඳි නුඹේ ජීවිතේ
දෑත් මත දෑත් තියා ආයේ තිසිවක් නොකියා
අවසාන හාදුවෙන් සමුගෙන යමි
සමුගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා......

හමන සුළගත්......