හමනා සුලඟ ගේනාhamanaa sulanga geenaa

Hamana Sulaga Gena

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
තරින්ද කසුන්tharindha kasun

ගී පද

හමනා සුලඟ ගේනා ස්වරේ 
මුමුනා ගලන දිය සීරාවේ 
නූපනා බිලිඳු නැලවූ ස්වරේ 
මවනා මියුරුතම සංගීතේ 
පපුවේ ගැස්මේ හැඩ මාත්‍රාව අපගේ 
තරු සේ ඉමු සැමදා එක පොකුරේ 

ජීවිතයේ ගීතය ගයනා 
කාලය මේ තාලය සොයනා 
ආකාසේ තරු උදයට නිවෙනා 
මේ වාගේ තරු අහසට නොයනා

මොකටද හිත් පාගා කඳු මුදුනට නැගලා 
සෙනෙහස් පාරේ යනදා සතුටේ සුව දැනෙනා 
වැටුනම අත දීලා දුක අහගෙන හිඳිනා 
මනුදම් දෝරේ ගලනා දවසේ අපි දිනනා 

මේ රෑනේ ඉත් හීනේ සංගීතේ 
එක අම්මාගේ අත් දෑලේ උන්නාසේ 
පපුවේ ගැස්මේ හැඩ මාත්‍රාව අපගේ 
තරු සේ ඉමු සැමදා එක පොකුරේ 

ජීවිතයේ ගීතය ගයනා......//