හමනා සිතුවිලි (හිතවතියේ)hamanaa sithuwili (hithawathiyee)

Hamana Sithuwili (Hithawathiye)

සංගීතය:
කසුන් කල්හාරkasun kalhaara
පද රචනය:
කල්පිත පැලවත්තkalpitha paelawaththa

ගී පද

හමනා සිතුවිලි රෑ සිහිනේ පාවී
ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඇදි
සුරකින්නම් සදා හිතවතියේ 
හිමිවේ නම් ඔබේ ස්නේහේ
සුරකින්නම් සදා හිතවතියේ
ඔබෙ සෙනෙහේ මගේ ජීවේ
ජීවේ මගේ

කඳුළැල් නෙතුතෙමා සුසුමන් හද පුරා
අඳුරයි එදා දිවි මංසලේ
මට හිමිවුණේ ආදරයේ නමින්
හිඳිමී තනිවී අඳුරේ සොයමි රෑ දිවා සහනේ

සුරකින්නමි සදා ....

ආ ගලන කඳුළැලි සමුගනී හාදු දී නෙතගේ
මගෙ ලොවේ හිරු එබී අඳුර යයි මියදී
සිතුවමින් හදවතේ අඳිමි ඔය සිනා

සුරකින්නම් සදා ...

විකසිතයි නුඹෙ සිනා සුසුමන් වියැකුනා
එළියයි මෙදා දිවි මංසලේ
මට හිමිවුණේ ඇයි ආදරේ නමින්
හිදිමි ඔබගේ තුරුලේ රකිමි සැමදා සෙනෙහේ