ගී පද
හැඩුවා මං සාගරේ තරම් තනිවෙලා රෑ පුරා
දකින සිහිනය ගිලිහිලා මල් පෙති සැලී සැඟවුනා
පුබුදාලා හැඟුමන් මගෙ දෙනුවන් වසා හීන එළි දල්වලා
තනිවෙලා මට ඉන්න නම් බෑ ඔබ ඉන්න මං ළවෙලා
ආදරේ වැස්සත් වෙලා තෙමි තෙමි අප සැනසුනා
මල්පිපී තුරුවැල් පවා අප දෙසම සිටියා බලා
දුර ගෙවාගෙන ඔබ සොයාගෙන ආවා සංසාරයේ
මල් උයන්වල සැඟවිලා ලියූ පෙම් කවි ඔබ එදා
පෙම් ලොව මම තනිවුනා එන්න මා වෙත සැරසිලා
දුර ගෙවාගෙන මා සොයාගෙන ඉගිලිලා අහසේ
හැඩුවා මං සාගරේ තරම් ............