හදිස්සියේ හනි හනිකට පය තබනාhadhissiyee hani hanikata paya thabanaa

Hadissiye Hani Naikata Paya Thabana

ගී පද

හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතනා//

දෑත සලා කිංකිණී නද දෙවන්නී - දෑස සලා මොන මොනවද කියන්නී
යටින් හොරෙන් එබිකම් කර බලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී

රෑන කිතුල් මල පිටමැද හෙලන්නී - සිහින් පබළු වැල් ගෙල වට බදින්නී
කොල නැවුම් සිනා දැලක් හෙලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී