හදේ කොතැනක හෝ හිඳී ඔබhadhee kothaenaka hoo hindii oba

Hade Kothanaka Ho Oba

ගී පද

හදේ කොතැනක හෝ හිඳී ඔබ 
නිදා නොනිදා මෙන් 
බලා අවසර සොයා කල් දැන වෙලා 
හස රැහැනින් පෙළයි මා 
මුදා සුව දැහැනින් //

සයුර ඉම රත් සිතිජ රේඛාවේ 
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද 
තනිවෙනා මොහොතින් 

හදේ කොතැනක හෝ........

උතුම් පිවිතුරු ප් ‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්

හදේ කොතැනක හෝ........