හදවතින් ඔබවhadhawathin obawa

Hadawathin Obawa

ගී පද

හදවතින් ඔබව පැතුවට සංසාරේ පුරාවට
වෙන්වෙන්නේ කොහොමදැයි එය මට කියනවද නුඹ
හංගන්න දෙයක් නෑ මට නුඹේ හිත මගේ ළඟ
වෙන් වෙන්න දෙන්නෙපා අසරණ වේවි මම තව //

නින්දක් හරි නිදාගන්න එක දිගු රැයක්
වැස්සතක් හරි ඇදහැලුණොත් ඒක හීනයක් //
දැන්වත් හරි වැටුනොහොතින් ඒක සහනයක්
දිනයක් හරි නුඹ නාවොත් ඒක මදිකමක් //

හදවතින් ඔබව ....

චුට්ටක් හරි දුරින් ඉද්දි ඒක තනිකමක්
දවසක් හරි නොදැක ඉද්දි ඒක කල්පයක් //
මොහොතක් හරි ඔබ දැක්කොත් ඒක ලොකු පිනක්
පොඩ්ඩක් හරි රිදවනකොට ඒක ලොකු දුකක් //

හදවතින් ඔබව .........