හදවතේ නිරුවත නුඹට හංගන්න බෑhadhawathee niruwatha numbata hanganna bae

Hadawathe Niruwatha - Diwuranna Baha

ගී පද

හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ
මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ
ගින්දරක් නොවුනි නම් දුමක් ඇති වෙන්නේ නෑ
නුඹ වෙනස් වෙන්නට හේතු නැති වෙන්න බෑ

දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නේ නැහැ සුගතියේ...//

තිබුණා නම් හංගලා නුඹට මම නොකියනා
ලෝකයක් මටත් නුඹ වගේ
මාත් අද රජ වෙලා ඔයත් අද පැරදිලා
මං කෙරුවේ නෑ ඒ වගේ...

නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ
නැවතුනේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි 

දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නේ නැහැ සුගතියේ...//

නුඹව දණ ගස්සලා වැරදි හරි ගස්සලා
නෑ පලක් මට නම් තව නුඹේ
කාටවත් රිද්දලා ඕනේ නෑ සැරසිලා
විදින්නට බෑ බලෙන් ආදරේ  ..

නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ
නැවතුනේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි ..

හදවතේ නිරුවත ....