හදවතට එකඟවhadhawathata ekangawa

Hadawathata Ekagawa

සංගීතය:
කේෂාන් පෙරේරාkeeshaan pereeraa
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

පව් නොපිරේවා අකීකරු රත්තරනේ 
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ

හදවතට එකඟව යමක් තියෙනවා 
කියාගන්න මට ඔබ කෙරේ.. 
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා 
හිතාගන්න බෑ හෙට දිනේ..

පව් නොපිරේවා.... 

නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක 
මුතු අහුරක් තරම් දිදුලන 
ඔබෙ මතකය ලඟ අසරණ උන මට 
හරි වෙහෙසයි බලා පෙරමග 
මතුපිටින් සිනහා වෙන්නම් 
ඇතුලතින් තුරුලු කර තනිකම

පව් නොපිරේවා....

පූජාසනයක සඟවා සුරැකිව 
අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස
තිබුණාදෙන් හිතේ නිසලව 
සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට
 
පව් නොපිරේවා....