හදවතක් හැඩයටhadhawathak haedayata

Hadawathak Hadayata

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

ගී පද

හදවතක් හැඩයට චිත්‍රයක් ඇන්දම 
එය මැදින් ලිව්වම ඔබෙ නමේ මුලකුර 

රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම 
ඉන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන 
(මාත් එක්ක දැන් කතා බහක් වත් නැති උනාට අද ඔයා  
ඉස්සර ඔයාගේ ජීවිතයේ මං ප්‍රධාන චරිතය වුනා...//)

දුර ඉඳන් බලං ඉන්නම් 
ලඟට නෑවිත්ම ඉන්නං 
මගෙන් යොදුනක් ඈත සිටියත් 
ඔබව මනසින් විඳිනවා

රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම....

තව කෙනෙක් ලඟට නොගිහින් 
ඔය හිතේ ඉඩක් ඇති නම් 
ආයේමත් මා වෙතට ආවොත් පිළිගන්නම් ඔබව මා

රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම....