හදවත පාරනhadhawatha paarana

Hadawatha Paarana

ගී පද

හදවත පාරන සොඳුරු හැඟුම් 
හිරකරගෙන හිටියා ඇති දැන් 
සවනට ලං වී ආදරයෙන් 
කියන්න කාලය දැන් ඇවිදින් ..//
	
ඇසට ඇස තියා බලාන ඉන්න 
ලැමේහි හොවා හිස සුවෙන් නිදන්න 
නිමක් නැතිව මල් හාදු පුදන්න 
හිනා වෙලා මගේ පෙම පිළිගන්න 

කඳුළු පිසදමා සිනහ නගන්න 
අඳුරු ලොවට මිනි පහනක් වෙන්න 
සන්සාරෙම එක් වෙලා හිදින්න 
මගේ පෙම පිළිගෙන අවසර දෙන්න 

හදවත පාරන .../