හද සැනසෙනවාhadha saenasenawaa

Hada Sanasenawa

සංගීතය:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka
පද රචනය:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka

ගී පද

(හද සැනසෙනවා රෑ තරු යායේ 
සිත නලවනවා විසිතුරු ලීලේ 
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ 
මගෙ රන් සුදු රන් සඳ පානේ...//)

සීතේ තුරුල් වෙමූ 
මීදුම පවන් සැලූ  
කාලය හෙමින් ඇදෙයි ගෙවිලා  
නැහැවෙයි සුපෙම් හැඟුම් 
යාවේ සුසුම් පවන් 
ඔබෙයි මගෙයි සැමදා 
තරු කැට දිලිසෙනවා 
ඔබ මට ලං වෙනවා   

ආයේ හඬන්නෙ නෑ 
සෝ ගී වයන්නෙ නෑ 
ලඟින් ඉමී සැමදා 
පෙම් ගී ගයන්නෙමී 
නොසැලී හිදින්නෙමී 
ආදරේ හින්දා  
තරු කැට දිලිසෙනවා 
ඔබ මට ලං වෙනවා
   
හද සැනසෙනවා රෑ තරු යායේ....