හද රැන්දු ආදරේ නමින්hadha raendhu aadharee namin

Hada Randu Adare Namin

ඇල්බමය
Saranya
සංගීතය:
රකිත වෙලන්ගොඩrakitha welangoda
පද රචනය:
රන්දික අමරසූරියrandhika amarasuuriya

ගී පද

හද රැන්දු ආදරේ නමින් 
පිණි බිංදු තාරකා ඇසින්
ගිලිහෙන්නෙ මං 
හින්ද නම්
ඉවසන්නෙ මා කෙලෙසකින්....

ජීවිතේ මේ වන්දනාවේ
මා ළඟින් උන් කින්නරාවී
මා දමා යන්නෙදෝ පාවී
මාරුතේ මංමුළා වේවී
දුක් දැනේවී අප්සරාවී
සඳවන් උදුම්බරා දේවී

සේද ඇතිරූ සේල යහනේ
වේදනා මල් නේද පිපුණේ
තාරකා වන් නීල නයනේ
වාසනාවන්ත පෙම් හීනේ
පීදුනා නම් හීන විමනේ
නෑ සුසුම් මේ තරම් ළඳුනේ...