ගී පද
හඳ පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වුයේ නුඹ නොවේදෝ මා සිත් අහසට //
දූවිලි සුළගින් පිරුණත් ඉපදුනු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ
මේ නගරය අත් හරින්න බෑ
මගෙ උරුමය රැදුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ
ගම්මානය අත් හරින්න බෑ
හද පානක් සේ... /
අප දෙන්නා මුණගැස්වූ මේ මහා නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ
මේ නගරය අත් හරින්න බෑ
මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරය පාළු වෙන්නේ නෑ
මං තනියෙන් ගමට යන්නේ නෑ
හද පානක් සේ... //