හඳ පානක් සේ ඇවිදින්handa paanak see aewidhin

Hada Panak Se Awidin

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
අතුල අධිකාරීathula adhhikaarii

ගී පද

හඳ පානක් සේ ඇවිදින් 
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වුයේ නුඹ නොවේදෝ මා සිත් අහසට //

දූවිලි සුළගින් පිරුණත් ඉපදුනු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ
මේ නගරය අත් හරින්න බෑ
මගෙ උරුමය රැදුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ
ගම්මානය අත් හරින්න බෑ

හද පානක් සේ... /

අප දෙන්නා මුණගැස්වූ මේ මහා නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ
මේ නගරය අත් හරින්න බෑ
මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරය පාළු වෙන්නේ නෑ
මං තනියෙන් ගමට යන්නේ නෑ

හද පානක් සේ... //