හද ගී පොතේ පිටුවක් ඉරාhadha gii pothee pituwak iraa

Hada Gee Pothe Pituwak Ira

පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

හද ගී පොතේ පිටුවක් ඉරා
ලියා එවමි ආදරේ
සඳ ඉර හා තරු එළියේ
බලමි ලියන ආදරේ //

සුන්දරත්වයේ සොඳුරූ
කවියකි ඔබ මා ගැයූ //
ඉසිවරු පඬිවරු කිසිවකු
කිකලකවත් නොම ලියූ //

හද ගී පොතේ ....

පන්සිළුයි වෙණයි පරදී
පවසන නොකියූ කතා //
එක සිත දෙතැනක නොරදා 
ලංවෙමි සෙවනත පතා //

හද ගී පොතේ ....//