ගී පද
මුවගේ සිනා තවරා මා මත් කළා
හද ගැස්ම මාගේ නුඹගේ වුණා
නුඹ දකින හීනයේ මා හිඳිමි කියා
නෙතු පෙනෙන මානයේ රුව නොදකින නිසා......
ඒ හීනයේ නුඹ නෑ වියැකී ගිහින්
ලතැවෙන්නෑ මා දැන් නුඹ ගැන හිතන්
හිතුවත් මෙසේ කෙලෙසින් හැරයන්නේ මා
තවමත් ඔබේ ළඟමයි එය දනිමි මා.........
ඈතට ගියත් මගේ සිත නුඹ ගාවමයි
නොදැනුණේ ඇයි එ් බව නුඹ චපලදැයි
අන්සතු කෙනෙක් ඇයි මා සිත නතු කරන්
ඉවසමි කෙසේ හෝ එය ඇත්ත නම්.......
(ඒ හීනයේ නුඹ නෑ වියැකී ගිහින්
ලතැවෙන්නෑ මා දැන් නුඹ ගැන හිතන්
හිතුවත් මෙසේ කෙලෙසින් හැරයන්නේ මා
තවමත් ඔබේ ළඟමයි එය දනිමි මා.........//)