ගී පද
ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ//
ආයුබෝවන් සුභ උදෑසනක්//
එන්න ළමයි ඉඳගන්න මෙහෙන්//
මට කොස් කොළ පොත් ටික දෙන්න ගෙනත්//
ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ...
කියවන්න කලින් පොත පත පාඩම්
අපි බලමු සොයා පිරිසිදු ළමයින්
දත් කහට ළමයි නිය වැඩුණු ළමයි//
දඬුවම් ලබනවා විදුහල්පතිගෙන්//
ගුරුතුමා මමයි...
දඟ කරනා ළමයි පොත් ඉරනා ළමයි
නිය හපනා ළමයි හොඳ නෑ හොඳ නෑ
රස තාල දමා කවි කියනා ළමයි//
පාඩම් දෙන අය හොඳ හොඳ ළමයින්//
ගුරුතුමා මමයි...