ගී පද
ගුරු පාර දිගේ සිනාසළලා
සුදු ළමා සාරියෙන් සැරසීලා
උදා අරුණු රැල්ලක් සේ අකුරට ගිය බාලොලියා
අදේ කොහේ ගියාදෝ
ගුරු පාර දිගේ සිනාසළලා
පාන්දරින් මුතු පින්නේ මල් සිනාසුනා
කෝන් ගහේ අතුඅස්සෙන් ඉර සිනාසුණා
අපි තොටමුණ ළඟ මුණගැහිලා
සිනාවේවි කතා කිය කිය
අද ඒ ලස්සන ඉර කෝ උදා ඉරේ
ඈත් වෙලා ගමෙන් නුඹත් කාලය ගෙවුණා
අතමිට සරු වී නෙළන්න බැරි මලක් වුණා
අද තොට දුටුවත් ඉඳ හිටලා
නාඳුනනා ලෙස වෙනස් වෙලා
අද ඒ ලස්සන කෝ නුඹේ හිතේ