ගුම් නාදේ ඈතgum naadhee aetha

Gum Nade Atha

ගී පද

ගුම් නාදේ ඈත මට ඇසුනේ දැහැන බිඳ දා මගේ
හන්තානේ මේ රෑ යාමේ සීත දැනිලා වගේ
සන්තාපේ නෑ ලං වෙන්නේ හිත පිරී ආදරේ
සංසාරේ පැතුවා වාගේ මටම හිමි වී තියේ
ගුම් නාදේ ඈත මට ඇසුනේ දැහැන බිඳ දා මගේ

නිල් ගුවන වාගේ සාගරයේ රළ සේ
ඔබ පෑව ඒ හිනාවේ බැඳිලා භාවනාවේ
නිම වෙලා පෙම් අවාරේ ඇරඹුනාදෝ වසන්තේ
මට හොරා මේ පිපාසේ හිත හොයන්නේ ඔයානේ
ගුම් නාදේ ඈත මට ඇසුනේ දැහැන බිඳ දා මගේ

හංගාන ළමැදේ ඉන්නම් තුරුල්ලේ
මට දුන් හීන ගානේ අලුතින් මං උපන්නේ
කඳුළු දෑසින් පිටාරේ ගැලුව කාලය නිමාවේ
ජීවිතේ ආයෙ ආයේ ආදරේ චාරිකාවේ
ගුම් නාදේ ඈත මට ඇසුනේ දැහැන බිඳ දා මගේ