ඥාණ කතා මල්ලිgnaana kathaa malli

Gnana Katha Malli (Theme Song)

පද රචනය:
අතුල රන්සිරිලාල්athula ransirilaal

ගී පද

(දොමි දොමිකිට දොමි දොමිකිට...//)
ආතුරයාගෙ ලෙඩ දුරු වේවා...

ඥානේ නොමැති අයට හදපු හුස්ම පිඹලා පණ පොවාපු
අනුන්ගේ ගින්දර නිවාපු ඥාණ කතා මල්ලියා
ඥාණ කතා මල්ලියා
ඥාණේ වඩන කතා කියන ඥාණ කතා මල්ලියා

පිටි චූටියි පාන් මාමයි විස්කොත්තයි ගජ යාළු
රකුසාගේ පුපුරන නපුරට සාමෙන් පිළිතුරු දේලූ
විෂබීජලා කෙලෙස් වලට මෙහි ඉඩ නෑලු
ඥාණ මල්ලී පාන් මාමා උන් පන්නාලු
අලුත් අලුත් හොඳ යාළුවෝ තව ලං වේලු
හොඳ හිත හා උත්සාහෙන් ජයම ලැබේලු

ඥානේ නොමැති අයට….

වැඩියෙන් උඩ පැන්නෝතින් බිමමලු යාළු
බලය අතට ගෙන නැටුවොත් පද පැටලේලු
ඇද පෙන්නලා ඇදේ ගියොත් හැම රැවටේලු
යහපත හොඳ යුක්තිය රැක්කොත් වැජඹේලු

ඥානේ නොමැති අයට….
ඥාණ කතා මල්ලියා
ඥාණ කතා මල්ලියා