ගී පද
ගියයි බිඳී අත්වැල් හඞන්නේ
ඇයිද නංගියේ හෙටක්
කියා දිනක් ඇතේ ලෝකයේ
සුසුම් සලා දුක් වී තැවෙන්නේ
ඇයිද මල්ලියේ -හෙටක්...
ආදර මල් පිබිදෙනවා
ඒ වාගේ පරවී යනවා
ඔය මහ මුහුදේ තව ඇත මාළු වේවි උන් යාළු
ඉරක් ගිලී යාවි හෙට උදයේ එයි ආයෙමත් - හෙටක්..
කාලය නම් ඉඟිලෙනවා - යෞවනියෝ පැන යනවා
නියඟය සේදී මල්බර කාලේ - ආයෙත් ළංවේවි සිතුම් මැදින්
නේදෝ ජය ලැබුණේ මේ ජීවිතේ - හෙටක්...