ගී පද
(ගියදෝ දුරස් වෙන්න - ආසයි මටත් ඉන්න
ආයෙත් සිතින් ලං වෙලා - ජේසූ අතින් අල්ලලා...//)
(තනු ගීත නංවන්න - හඬ ස්වර මට දුන්නු
දහසක් සවන් සනහලා...//)
(දෙනවාද පෙර සේම - කරුණා දයා සෝම
පෙර පාප වළලා දමා...//)
ආයෙත් සිතින් ලං වෙලා
ගියදෝ දුරස් වෙන්න....
(සැනසුම් ඔබෙන් ලැබුව - රාවේ සිතේ රැඳුන
ඇත තාම සිතුවම් වෙලා...//)
(ඔබ ඈත වෙනවාද - මා ඈත යනවාද
පෙන්වන්න කරලා සමා...//)
අයෙත් සිතින් ලං වෙලා
ගියදෝ දුරස් වෙන්න....//