ගිනියම් සරා කෙල්ලginiyam saraa kella

Giniyam Sara Kella (Sangeethe Teledrama)

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

ගිනියම් සරා කෙල්ල හැඟුමින් කළා මෙල්ල
සරුවත් දියේ පැහැය සිතුවම් වෙලා
උකුසෙක් වගේ බැල්ම දෙනෙතින් කළා එල්ල
හැඟුමන් සදා දෙන්න ඉඟියක් කළා
මේ ගලනා ආශාව මා දෑස නෑ කිසිදා සීමා වෙලා
ඈ සලනා සේයාව මා ගාව නෑ අරුමේ නෑ වේදනා
හදවත ගැස්සෙන ආදර චායා සඳවත සේ සනසාලා
මුදු ලැම ඉස්සෙන තාලය තෝරා ඔබ වැටුනේ මන ආශා.....

ඉඳුනිල් නුරා කැල්ම සිතුවිලි පුරා ඇල්ම
මැදියම් රැයේ සිහින උණුසුම් කළා 
ළං ළං වෙලා ඉන්න හැඟුමන් මවා දෙන්න
මල්සර සිනා රැල්ල මුවඟින් මවා
මේ ගලනා ආශාව මා දෑස නෑ කිසිදා සීමා වෙලා
ඈ සලනා සේයාව මා ගාව නෑ අරුමේ නෑ වේදනා
හදවත ගැස්සෙන ආදර චායා සඳවත සේ සනසාලා
මුදු ලැම ඉස්සෙන තාලය තෝරා ඔබ වැටුනේ මන ආශා.....

මේ සිතුවිලි පවසන්නම් සිතු සේ රෑ සඳ කෙමි අතුරන්නම්
(හදවත ගැස්සෙන ආදර චායා සඳවත සේ සනසාලා
මුදු ලැම ඉස්සෙන තාලය තෝරා ඔබ වැටුනේ මන ආශා.....//)