ගී පද
ගිණි නැගෙනා අකුණු පහරෙ සැර
පපු ගැබුරේ තියෙනවා
මනදහනේ දැනෙන අව් රශ්මෙ
සැර පිනි පොද සේ විදිනවා
මේ ගෙවෙනා අරැම දිවිය තුල
මෙනවද සොයනවා
මේ අපගේ නිමල හැගුම
දුක පැණි රස කරනවා
ඉර හද නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
දුර මැවෙනා මිරිගු දියක රැව
අපි හදුනා ගන්නවා
වැලි මිරිකා වතුර මවන හැටි
පොත කියවා තියෙනවා
මේ ගෙවෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරුත් අමරනීය
අපි දවසක මියෙනවා
ඉර හද නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
මේ....ජිවිතේ පෙන පිඩක් බිදි බිදි
ගෙවෙනවා ගමනනම් නෙදනිති
කෙදින දෝ නිමවෙනා
දැනෙන ආශාවෝ මවති මායාවෝ
සොයමු මේ හීනේ එ් සීමවෝ
මේ ගෙවෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරුත් අමරනීය
අපි දවසක මියෙනවා
ඉර හද නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා.///