ගිනි කඳු පුපුරාgini kandu pupuraa

Gini Kandu Pupura (Surupi Wirupi)

ගී පද

ගිනි කඳු පුපුරා ලෝ දිය උතුරා 
කිමදෝ දෙවියනි මේ වූ දේ
සොම්නස නැති විය දොම්නස ඇති විය
කිම්දෝ මා දැන් කළ යුත්තේ.....

ඉතිරිය මිනිසට සහයට සිටියේ 
ඉපැරණි පඬුවන් කියා ඇතේ
මුසාවකි එය මුසාවකි එය
ඉතිරිය මිනිසා වනසන්නේ.....

ගලවා ගනු මැන මේ විපතින් මා
නොහැකිය ගැලවෙන්නට උගුලෙන්
කිමදෝ කළ යුතු කිමදෝ කළ යුතු
එක දෙයයි දැන් කළ යුත්තේ.....