ගිම්හානයේ පිපිච්චgimhaanayee pipichcha

Gimhanaye Pipichcha

ගී පද

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා //
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ

නෙත් බැලුම් නිසංසලේ සිත් පුරා සරා
හිත් කොනේ අනන්තයේ ඔබ ලැගුම් අරා //
ජීවිතේ බැඳී හිඳින්න ලංවෙලා මගේ ළඟින්ම
නෑ රිදුම් මගේ සෙනේ සදා ආදරේ

වෑහෙනා පැතුම් පිරේවි මත් වෙලා සිතුම්
සීරුවේ සිතින් මවාවී පෙම් නුරා හැඟුම් //
මාරුතේ සුසුම් දවන්න ස්නේහයේ පවන් සලන්න
මා ලොවේ සිඳන්ගනා වෙලා ආදරේ

ගිම්හානයේ පිපිච්ච ......