ගිම්හාන සිහිනේgimhaana sihinee

Gimhana Sihine

සංගීතය:
උදය ශ්‍රී වික්‍රමසිංහudhaya shrii wikramasinha
පද රචනය:
තාරකා වාසමුදලිආරච්චිthaarakaa waasamudhaliaarachchi

ගී පද

ගිම්හාන සිහිනේ ඔබ උන්නා එදා 
මගෙ පණ සේම ආදරෙන් බැඳිලා 
හැමදාම අපි අපගෙ වේවා කියා 
එක පැතුමක් මුළු දෙහදින් පැතුවා 
සිත් ආකාසයේ පෑයූ දේදුන්න ඔබයි 
මා සනසන්න ඔබෙ ආදරෙන් 
සිත සරසන්න ඔය සෙනෙහසින් 

හදගැස්ම මට දුන්නෙ ඔය ඇස් දෙකයි 
මගෙ හුස්ම ඔබෙ ආදරෙයි 
ඔබෙ සුවඳ තනි හිතට උණුසුම ගෙනෙයි 
මගෙ ලොවම ඔබෙ සෙනෙහසයි 
සුලඟක් සේ ඇදී නොම යන් දැන් මැකී 
මා සනසන්න ඔබෙ ආදරෙන් 
සිත සරසන්න ඔය සෙනෙහසින් 

හද පතුලෙ ගැඹුරින්ම සුරකින්නෙමි
ඔබගෙන් ලැබූ ආදරේ 
මගෙ හිත පුරා ඔබෙ සිතුවම් ඇන්දෙමි 
කිසිදා නොමැකෙනා ලෙසේ 
හැඟුමක් වී ඉතින් නවතින්නම් සුවෙන්
මා සනසන්න ඔබෙ ආදරෙන් 
සිත සරසන්න ඔය සෙනෙහසින්  

ගිම්හාන සිහිනේ ඔබ....
සිත සරසන්න ඔය සෙනෙහසින්