ගිම්හාන මාවතේgimhaana maawathee

Gimhana Mawathe

ගී පද

ගිම්හාන මාවතේ
ඇවිද ගිය ජීවිතේ
වසන්තය මායිමේ
නැවතුනදෝ සිතේ

කටු පදුරු පිරි තිබේ
පිනි පලස වූ සෙනේ
මලක් උපදිනා තුරා
හැර නොයමි ජීවිතේ

ගලා යන ගග වගේ
ගෙවී යන ජීවිතේ
වස්සාන සුළග සේ
ඇවිත් නුඹ ගිය වගක්
කියයි පියවර මෙසේ

නොපියාම නෙතු මගේ
බලා උන්නා මෙසේ
හීන්සර රිද්මයක්
ඇසෙයි නෑසෙන ලෙසේ