ගිම්හාන කාලේ සුදු වැලිතලාgimhaana kaalee sudhu waelithalaa

Gimhana Kale Sudu Wali Thala

ගී පද

ගිම්හාන කාලේ සුදු වැලිතලා
ගංදෑල මානේ සිත තනි කළා
කාලය ඉගිල්ලී අතීතය සොයා
ඔබ එනතුරා මා තව ඉන්නවා //

කවුරුන්ද මුමුණන්නෙ ඒ ඔබමදෝ
දිය දිදෙන හඬ වෙන්න බෑ
ඒ කාලයේ අපගේ පැතුම්
යළි එන්න බැරි ඇයිද ඒ සිහිනයේ
හමුවන්න බැරි ඇයිද ගං නිම්නයේ

ගිම්හාන කාලේ ....

කාලයට පවසන්න වෙනදා වගේ
සරසන්න ලියගොමු මලින් 
ඉඳුවර නෙතින් පෑ සෙනෙහසින් 
යළි ඉන්න සුවඳක්ව ඒ සිහිනයේ
හමුවන්න බැරි ඇයිද ගං නිම්නයේ

ගිම්හාන කාලේ ....