ගෙවුණු මතකයන්gewunu mathakayan

Gewunu Mathakayan

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
ප්‍රසන්න ප්‍රනාන්දුprasanna pranaandhu

ගී පද

ගෙවුණු මතකයන් තවමත් මා ළඟ 
සිත පාරනවා හෙමින් සැරේ
මතක් වුනේ නැහැ අමතක කරන්න 
නුඹයි මගේ ජීවිතය වුණේ
හෙටක් කියා දවසක් ගැන හිතන්න 
නුඹයි මගේ ළඟ මට හිටියේ
ඇතැයි කියා නැති දේකට රැවටුණු 
(නුඹේ ආදරේ මා රැවටූ...//)

එකම එක වරක් ඔබව දකින්නට 
අවසර පතනව සිත නොනිදා
මොහොතක් ගානෙම දහසක් සිතුවිලි 
මතකය අලුතින් අලුත් කළා
පිණිකැට වැටෙනා නිහඬ රාත්‍රිය 
අනන්තයට අපි අරන් ගියා
මටම පුදුම මම නුඹටම මෙතරම් 
ආදරේ කරන්නේ ඇයිද කියා...

නෙත් යුග තෙමන්න කඳුලට ඇරයුම් 
නුඹයි කළේ මගේ ළඟට වෙලා
නින්ද නොදී ළඟ එබිකම් කරනවා 
මතකය මට විතරක් පවරා
නිමක් නොවෙන්නට මුළු සිත පුරාම 
සඳක් වගේ ඔබ හිනැහෙනවා
මටම පුදුම මම නුඹටම මෙතරම් 
ආදරේ කරන්නේ ඇයිද කියා...

ගෙවුණු මතකයන්...