ගෙවී යන්නට කලින්gewii yannata kalin

Gewi Yannata Kalin

ගී පද

ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ
තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්
පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට
අඳුරට කලින්

මද පවනක් වෙනවාද ජීවිතේ ගිම් නිවන
සෙනෙහසින්
කඳුළක් වෙලා නොසැලෙන්න කිසිදාක
නෙතු අගින්

ගෙවී යන්නට කලින් ....

සඳ කිරණක වී ඉන්න ආචරේ සුව ගෙනෙන
සිසිලසින් 
සැඩ හිරු රැස් නොම වෙන්න
හිත දවන රුදු වෙසින්

ගෙවී යන්නට කලින් .....