ගී පද
ගෙලේ රන් මාල දා හැඩවී
කරේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලී වී නුඹ
කවදාද මාවෙත
එන්නේ කියන් මැණිකෝ
ගෙලේ රන් මාල දා...
බැන්දු සිනා සඳ වගේ මුහුණේ
දැක්කාම හිත බැඳුනේ
පෙන්නා අගේ හද රැඳි සෙනෙහේ
ඉන්නම් බැඳි එක සේ
නැත දායාද ඕනේ කිසිදාක නෝනේ
ඔය දෑත හිමි වේනම්
සුදු නෑනා මගේ කරකාරේ බැඳගෙන
පණ වාගේ රැක ගන්නම්
මගේ පණ වාගේ රැකගන්නම්
ගෙලේ රන් මාල දා...
බන්දා තෝරණ් හැමටම කියලා
හද්දා මගුල් කනවා
කැන්ඳා අරන් යන දා මැණිකා
ගම්මානේ එළි වෙනවා
පැළේ රන් පහන වාගේ ඔබ ඉන්න ඕනේ
හැමදාම සංතෝසෙන්
සුදු නෑනා මාගේ කරකාරේ බැදගෙන
පණ වාගේ රැකගන්නම්
මගේ පණ වාගේ රැකගන්නම්
ගෙලේ රන් මාල දා...