ගී සිංදූ ගයා වයාgii sindhuu gayaa wayaa

Gee Sindu Gaya Waya

ගී පද

ගී සිංදූ ගයා වයා මාවතේ 
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ
මද්දහනේ කඩේ පිලේ මේ වගේ 
වටරවුමේ අහන් ඉන්න දුගී ලොවේ ගී මගේ 

සිනමාවේ නෑසේවී පෙම් ගීත මාගේ 
නැත නාමේ ජනකාන්ත වීලා 
ජීවිතයේ දුක් පීඩා හිසරන්දා ඉන්නා 
කොයි කාටත් මා ගී ගයාලා
උපකාරේ සතේ සතේ දේවා මට සතේ සතේ දේවා 
මහපාරේ ප්‍රසංගයේ ගායකයා මං තමා 

ගී සිංදූ ගයා වයා මාවතේ 
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ

භාරතයේ සරසවියේ නව රාග ධාරේ 
ස්වර මාලා මා නම් නොදන්නේ 
රන් වීනා වයලීනේ නැතුවත් සිතාරේ 
සංගීතේ අඩුවක් නොවන්නේ 
මේ වාගේ විනෝද ගී ගයලා මම විනෝද ගී ගයාලා   
ආ..ආ..ආ.. අද වාගේ ගෙන එන්නම් වාසනා 

ගී සිංදූ ගයා වයා මාවතේ 
මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ

සිනමාවේ නෑසේවී..

ගී සිංදූ ගයා වයා..