ගී ලියන්න මට කීවේgii liyanna mata kiiwee

Gee Liyanna Mata Kiwe

ගී පද

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

හිතැඟි කළඹ කැටයම් කල 
නීල පලිඟු ගොළු කැඩපත..//
හද බිදු තල සිතුවම් කල 
රූ කඩමලු මුව රඟහල...

ගී ලියන්න මට කීවේ...

තුරුණු බමර ආයාචන 
අභියස පත්තිනි කෝවිල..//
මගේ දෙනෙත් කුළු ගැන්වුන 
ගී මුමුණන ගීත බුබුල..

ගී ලියන්න මට කීවේ...