ගී පද
ගයමු ගීයක් දැන් අපි නිදහසේ
නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ...//
දසත රෑව් දීලා හදවත පිනවාලා
සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා
සුන්දර වෙනසක ඡායා පෙනේවි
දසතේ සොදුරු හැගුම් පැතිරේවි
සිනා හඩක් ඉතිරී යාවී
ඔබෙ හදවතේ
හදුනා ගත්තොත් ඔබ මා තුල සිටිනා
මායම් අතුලා පිලිගන්නමි
සුහද හදි බැදිලා ඔබ මා සැම දිනේ
ගයමු ගීයක් දැන් අපි නිදහසේ
නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ...//
සෙනෙහසේ මුදු පැතුම් ඇත දැන් හද පුරා
සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා
සුන්දර වෙනසක ඡායා පෙනේවි
දසතේ සොදුරු හැගුම් පැතිරේවි
සිනා හඩක් ඉතිරී යාවී
ඔබෙ හදවතේ
හදුනා ගත්තොත් ඔබ මා තුල සිටිනා
මායම් අතුලා පිලිගන්නමි
සුහද හදි බැදිලා ඔබ මා සැම දිනේ...//