ගී පද
ගතින් ඉන්නට නෑ ලංවී ඉතින්
ඔබගේ සිනා සයුරින් වියැකිලා
මුළු ජීවිතේ පුදා ඔබෙ දෑස පෑ සිනා
සිත පතුලේ කිමිදිලා හැර යන්නෙපා ඔයා
පාලුවේ අද මා හිත පාරමී පුරා
නෑසුනා කියා නොයෙනා ලෙසින් ඔයා
මගේ දිවියේ
සිතින් මා සනසා රෑ තුන් යමින්
මැවූ හීනය නෑ අද මා ළගින්
නෙත කඳුළු පුරවමින් සුසුමන් රිදුම් දෙමින්
හැඟුමන් දුරින් සෙමින් ගිලිහී ගිහින් නුඹෙන්
පාලුවේ අද මා ....
කොහේ හෝ මැවෙමින් නෙත් මානයේ
දිලෙනා පහන් සිලු සේ බැදි ආදරේ
අන් සිතක තනිවෙලා තුරුලේ හොවා තියා
සතුටින් කෙසේ ඔයා මා දුරක තනි වෙලා
පාලුවේ අද මා ....//