නෙතු බබලයි රන් තරු යුවලක් සේnethu babalayi ran tharu yuwalak see

Gatha Babalai Ranwan Ran Wela Se

ගී පද

නෙතු බබලයි රන් තරු යුවලක් සේ
සිත බැදුනයි මල් කැකුලිට රහසේ //

ගමනෙන් බිමනෙන් ඇය මියුලැසියයි
තෙපුලින් ඇය සැලලිහිණි කුමරියයි
පින්බර පෙනුමින් පරවි රැජිනියයි
පෙම්බර හැගුමින් බඹර යුවතියයි

ගත බබලයි ....

නලල් තලය අඩ සඳ සේ බැබලෙයි
දෙතොල් යුවල නා දලු සේ දිලිසෙයි
දසන් වලට මුතු කැට වුව පැරදෙයි
රටත් වටින සිනහව මුව විහිදයි

ගත බබලයි .... //

සිත බැදුනයි මල් කැකුලිට රහසේ //