ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේgaessena paedhdhena lassana lookee

Gassena Paddena Lassana Loke

ගී පද

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

අව්වට වැස්සට තෙමි තෙමි වේලී
අපි කල දේවල් හරිම ජොලී
වයසට ගියාම මොනවා කරන්නද
කරන්න දේවල් මුකුත් නැතී

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ.../

ආදරේ කරන්න ආදරේ ලබන්න
මේ වයසට කවුරුත් ආසයි
අපෙ වැඩිහිටියන් බර බරේ දමයි
ගනං ගන්නෙපා ඔහොම තමයි

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ.../

ඔය එක එක දේවල් ඔලුවට එන එක
එහෙම තමයි මේ කාලෙ හැටී
මොන මොන දේවල් ඔලුවට ආවත්
කරනා දේ අපි හොඳට දනී

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ...///