ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේgasak naera mal pipilaa pinbara dhawasee

Gasak Nara Mal Pipila Pinbara Dawase

ගී පද

ගසක් නෑර මල් පිපිලා පින්බර දවසේ
වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ
මුනි පා පුදා ගන්න තෙමඟුල් දිනේ
වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ //

දහස් ගණන් මල් පිපිලා සුවඳ හලාගෙන නැළවෙන්නේ
කාගෙත් මෙත් සිත් පැතුමන් අඳුරු ලොවක් එළිය කරන්නේ
මහිමේ කියාපා තෙමඟුල් දිනේ
වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ //

ගසක් නෑර මල් පිපිලා ....

මල් මැද බිඟු කැල රැදිලා බුදු ගුණ ගීතය මුමුණන්නේ
වෙසක් ගීත රැව් ගැඟිලා මුලු සිරිලක පුබුදු කරන්නේ
සිරියෙන් උදම් වී තෙමඟුල් දිනේ
වෙසක් වෙසක් වෙසක් කියා පා මදහාසේ //

ගසක් නෑර මල් පිපිලා ....