ගංගාවයි මහ මුහුදයිgangaawayi maha muhudhayi

Gangawai Maha Muhudai

ගී පද

ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා...//

ඈත දියඹෙ නැගෙන රැල්ල - මෑත ගලාගෙන ඇරිල්ල
සිනිඳු වැල්ල සිඹ සිඹ යනවා - ඒ වගේම දුර ගෙවාල
පවුරු උඩින් පියාඹාල - ඔබේ පැලට මා පැමිණෙනවා
කවුළු දොරින් නෙත් හෙළාල - මඟ බල බල ඉන්නවා
පිළි අරගෙන දෑත පාල - සනසන බව දන්නවා

ගංගාවයි මහ මුහුදයි ...// 

සමන් පිච්ච මල් පිපිච්ච - මිදුල පුරා පැල හැදිච්ච
දිළිඳු ඔබේ පුංචි පැල්පතේ - රනින් බඳුන් රිඳී අසුන්
කටට දිවට මිහිරි බොජුන් - කිසිවක් මට උවමනා නැතේ
සවන් දෙන්න ලගින් ඉන්න හිනාවෙන්න කට පුරා
ඊට පස්සෙ විදියි අපට මල් දුන්නෙන් මල් සරා

ගංගාවයි මහ මුහුදයි ...//