ගී පද
(ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි...//)
ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ... ප්‍රේමවන්තයෝ
දෙගුරුන් වී යළි ඉපදුණු හැටි හරිම අගේ
ගං ඉවුරේ.....
සිඟිති සණ්ඩු මැද හිනා වෙවී
කිරුළු පළන් ජීවිත ගමනේ
දෝර ගලා... දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස් නොවී
ගං ඉවුරේ.....//