ගී පද
ගම්මානෙ හැඩයි නුඹ සිටියා නම්..
වෙල් යාය සරුයි නුඹ දැක්කා නම්...
ගල් ලිදේ වතුර නුඹ බොනවා නම්...
මගෙ කන්දෙ පැලට කැන්දන් යන්නම්....
අවුරුද්දෙම කරව්වලේ කොහා හඩනවා...
අලුත බැදපු මැටි බිත්තියෙ සීතල එනවා...
ලගදි වියපු මෝරපු තල් පැදුර තියනවා...
හැන්දෑවට මත් උනාම හීන දකිනවා...