ගී පද
චිත්‍රපටය : ඉපදුනේ ඇයි (1967)
ගාමිණි මෑණී සෝමා දේවී සිහිකර සිඟිති දුවේ
දෑ අනුරාගේ වඩවනු ඔබගේ ලැබ මව් තුරුළු සුවේ
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා
දොයි දොයි දොයිය බබෝ - බයි බයි බයිය බබෝ
මව්පියො දෙන්නා නෙත් දෙක වාගේ රැක ගත යුතුය දුවේ //
නැණ ගුණ වඩවා යහමඟ බැසලා නම ගත යුතුය ලොවේ
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබෝ
ගාමිණි ගජබා මහ පැරකුම්බා බිහිවුණ සිහල බිමේ //
ඇති වී දැඩි වී වීර කතක් වී සැනසෙනු මැනවි දුවේ
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබෝ
ජාතික සිරිතට විරිතට පිටු පා නොහැදෙනු ටිකිරි දුවේ //
සිංහල නාමය පණ මෙන් රැකගෙන ජීවත් වන්න ලොවේ
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා