ගමෙන් ලියුමක් ඇවිල්ලාgamen liyumak aewillaa

Gamen Liyumak Awilla

ගී පද

ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ//

පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා
හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි
ලියන්නට ලැජ්ජයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා…..

ගෙදර අය සතුටින් සිටින්නේ
මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
වැඩත් වැඩි වෙන්නයි
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි…

ගමෙන් ලියුමක් ඇවිල්ලා….