ගමේ අයට නොතේරෙන්නgamee ayata notheerenna

Game Ayata Notherenna

ගී පද

ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නං 
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම් 
උගුරට දුක දැනෙන්නෙ නෑ සින්දු කියන්නම් 
දළු නෙලන්න යන්න එපා අම්මෙ වදින්නම් 
අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නං 

කරගැට ආවම ගිටාරේ සද්දෙ එන්නෙ නෑ 
ඒ කාලෙට කවි කියනව පාඩු වෙන්නේ නෑ 
ණයට ගන්න පහළ කඩෙන් මාමා බනින්නෑ 
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නෙ නෑ 

ගමේ අයට නොතේරෙන්න....

පෝය ලඟයි සිදාදිදේ කඩු ලෙලදෙනවා 
කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා 
අලුත් තාලේ සින්දු වලට කාසි ලැබෙනවා 
අම්මට මං තෝඩු දෙකක් අරගෙන එනවා 

ගමේ අයට නොතේරෙන්න....
(අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නං)..///