ගමන නොනිමෙයි ලෝකයේgamana nonimeyi lookayee

Gamana nonimei lokaye

සංගීතය:
ආර් මුත්තුසාමිaar muththusaami
පද රචනය:
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහshrii chandhrarathna maanawasinha

ගී පද

ගමන නොනිමෙයි ලෝකයේ මේ 
පුරුදු ජීවන මංතලේ
ගැටෙන සැප දුක මාරු වී යයි 
පුරුදු ජීවන මං තලේ //

වැටෙන මල් පෙති පාවුණාවේ 
සුළං රැළි ඔහෙ යන අතේ
යළිත් ගහ කොළ පාළු නෑනේ 
රිකිළි නංවා ලියැලැවේ
ගැටෙන සැප දුක මාරු වී යයි 
පුරුදු ජීවන මං තලේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ 
පුරුදු ජීවන මංතලේ

කොහේද සීතල ජලාශයක රැළි 
ගැටී ගැටී එයි සුළං වැදී
අපේම සිරුරේ අපේම දහදිය 
නිවී නිවී යයි සුළං වැදී
ගැටෙන සැප දුක මාරු වී යයි 
පුරුදු ජීවන මං තලේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ 
පුරුදු ජීවන මංතලේ

ගලා බසී දිය පහර සෙමින් 
වැලි තලා සදා සමතලා බිමේ
හැපී ගලක යළි සලා වැටුම් දී 
නගා නගා හඬ දිවේ දිවේ
ගැටෙන සැප දුක මාරු වී 
යයි පුරුදු ජීවන මං තලේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ 
පුරුදු ජීවන මංතලේ