ගී පද
ගම හැරදා මං යනකොට
කෝන් ගහේ තුන් මුදුනේ
නුඹ හිටියා විස්සොපෙන්
පාළොස්වක සද කුමරී
පාළොස්වක සද කුමරී
ලෙන්ගතුකම් වැඩි හින්දා
මුලිච්චි වෙන්නට හිතාන
සෑහෙන කළකට පස්සේ
යළි ආවා පුකයා වගේ
කළු කාපට් පාර දිගේ
මෙතන තිබුනු ගුරු පාරක් හොරු අරගෙන ගිහින් වගේ
මෙතන තිබුනු ගුරු පාරක් හොරු අරගෙන ගිහින් වගේ
ගම හැරදා මං යනකොට
කෝන් ගහේ තුන් මුදුනේ
නුඹ හිටියා විස්සොපෙන්
පාළොස්වක සද කුමරී
පාළොස්වක සද කුමරී
අරුමෝසන් කම්බිවලින්
ඉමිටේෂන් හීන වලින්
හිර වී පැටලී ගොලු වී
හයිටෙන්ෂන් කුළුනක් උඩ
යලි බැහැ ගන්නට නොහැකිව
නුඹ සිටියා ලප මකමින් පාළොස්වක සද රැජිනි
නුඹ සිටියා ලප මකමින් පාළොස්වක සද රැජිනි
ගම හැරදා මං යනකොට
කෝන් ගහේ තුන් මුදුනේ
නුඹ හිටියා විස්සොපෙන්
පාළොස්වක සද කුමරී
පාළොස්වක සද කුමරී